Tuesday, October 27, 2015

තාත්තේ නුඹ......


නෙතු අගින් ගිලිහුණු
සීතල කඳුළු කැට
දෙකොපුල් දිගේ විත්
මුහු වෙනවා දෙරණට
රුදුරු වැහි විලසට...
දුවේ අද නුඹ
එලොව හිඳ දැක......
ජිවිතේ "ෆන්" සොයන්
නුඹේ දුව දුවන
මිරිඟු මග අග
නොපෙනේද නුඹට තව.....
කඳුළු නොසලන් තාත්තේ
පමා නැත නුඹ තවම....
ස්වප්නයක් වී එන්න
ඔවා තරවටු දෙන්න.....


Tuesday, May 26, 2015

අමාවක අහස...


හිරු සඳු ගෙනවිත්
දෝතට පුදන..
මුලාවෙන් හැඳි වතත්
උනා ගෙන දුවන...
කාසි කොළ පොදියක්
පදනමට උන...
ව්‍යාජ මිතුරු දම්
මෙහේ හරි ලාබයි
අම්මේ....
දුරකථන හදවත
නැවතුනත්..
ආදරෙයි කියන්නට
බැරි උනත්..
රූටන කඳුළු බිඳු
දෑතින්ම පිසදමන්..
අවංක සෙනෙහසයි..
අව්‍යාජ සිනහවයි..
හදවතින් දරන්..
හෙට උදේ බස් එකෙන්..
මම ආයේ එනවා
වෙරළු ගහ යටට
පුංචි කාලය හොයාගෙන...
අමාවක අහස
මම හිතුවටත් වැඩිය
ගොඩක් කළුවරයි
අම්මේ.......

Thursday, November 6, 2014

සුභ අනාගතයක්...!!!

මම තීරණය කලෙමි...
මා වැවූ පොල් ගස 
කපන්නට හෙට දින...
අසීමිත දුකක් ඇත 
අවංකව හදවතට..
වෙහෙසයි සිරුරට..
වෙවුලනවා අත් දෙක...
බලන් ඉන්නට 
නොහැකි වෙයි මට
ඇදවැටෙන විට පොලවට..
කඳුළු කැට රූටාවී..
මමත් බිමටම වැටේවි..
මම දන්නවා හොඳටම..
කැපු විට පොල්ගස..
නැවත පන දිය 
නොහැකි බව මට..
මන්ද ප්‍රිය සබඳ..
නොමැත කිසිවිටක 
දළුලන්නේ පොල් ගස...

Wednesday, October 22, 2014

මම අසරණයි...


වැරහැලි පොරවන්...
හිඳිනා අසරණයෙක් දැක්ක....
අතේ තිබ්බ රුපියල් පහ..
මේ මනුස්සයාගේ අතේ තිබ්බේ
කෝච්චියෙන් බැහැල
පයින්ම ගෙදරයන්න හිතන්...
මගේ මුණ දිහා බලල දාපු
කින්ඩි හිනාවෙන් තේරුණා..
මේ යකා මට වඩා පොහොසත් බව...
කල්පනා පර දාගෙනම
වාඩි උනා බංකුවෙන්...
හූ..... හූ..... හූ..... හූ.....
කවුද මට හූ... කියනවා...
හැරිලා බලද්දී තමයි දැක්කේ...
ගෙදරයන්න තිබ්බ
අන්තිම කෝච්චියත්
මට හූ කියාගෙනම
ගොඩක් දුර ගිහින් බව...
ඕනෑම දෙයක් ගැන
ඕනවට වැඩිය හිතන්න එපා..

Wednesday, October 1, 2014

සමුගනිමි මා මිතුර...


සමුගනිමි මා මිතුර...
විටෙක යලි
අප හමු නොවේවි...
සොහොන් කොත් 
නොබඳින්න...
හිරු සඳු එලියට
තනි රකින්න...
නෙතගින් ගිලිහුනත්
සිතල කඳුළු කැට...
රුදුරු කම් නොකරන්න..
මා ඇසුරු කල අයට...
ඉඩ දෙන්න ප්‍රිය සබඳ 
සිත් මලට හැරයන්න...
සතුටින් හැම දෙයක්ම.....