Excel කියන්නේ තනිකරම වැඩ කරන්න තියෙන්නේ... මේකට spread sheet කියලත් කියනවා... ඉස්සෙල්ල ඉගන ගත්ත MS WORD වල අඩංගු කරුණු ටිකකුත් තියනවා.... මේක සම්පුර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ Cells හා Rows මත... වැඩ ගොඩක් තියනවා... කල්පනාවෙන් කරන්න ඕන.... අපි එහෙනම් ඉස්සරහට යමු...
මුලින්ම තියනවා අන්තර්ජාලයෙන් උපුටාගත් පොත් කිහිපයක් මේ ගැන ලියවුන... ඒවත් අනිවාර්යයෙන්ම කියවලම යන්න...
01 මේකේ එක Sheet එකක පහලට(සිරස් අතට) කොටු 1048576 ක්, හරහට ( තිරස් අතට) XFD වෙනකම් තියනවා... ඒ කියන්නේ A ඉඳල Z වෙනකම් ගිහිල්ල අයෙත් AA ඉඳල AZ වලට එනකම් තියනවා... මේ රටාවට ටමි දිගටම යන්නේ.... අනිත් වැදගත් කාරණය තමයි මේ කොටු වලට දත්ත එකතු කරද්දී අංකමය දත්ත කොටුවේ දකුණු පැත්තෙන් පටන් ගන්නේ... අකුරු නැත්තම් වචන දුන්නොත් වමෙන් පටන්ගන්නේ... වැඩේ පොඩ්ඩක් කරලම බලන්න....
02 කොටුවල දිග පළල වැඩිකරගැනීම.
column width එක කියන්නේ පළල...
Row height එක කියන්නේ උස....
මෙතැනදී අපි මොනවහරි වචනයක් හෝ අංකයක් ලියල ඉඩ මදි උනොත්... උදාහරණයක් විදියට උඩ තියන පින්තුරේ රතු පාටින් තියන වගුවේ නමක් තියනවා... ඒ නමේ බාගයක් කැපිල ගිහින්... දැන් නම් ටික දල තියෙන්නේ H කියන තීරුවේ..( උඩින්ම තියෙන්නේ...) දැන් mouse point එක අරගෙන යන්න H කොටුව හා I කොටුව අතර තියන ඉර උඩට... ඒ කියන්නේ H හා I කොටු දෙක වෙන් වෙන ඉර උඩට.. දැන් mouse point වෙනස් වේවි දෙපැත්තට ඊතල දෙකක් තියන එකක් විදියට... එතැනම තියන් double click කරන්න.. එතකොට එම තීරුවේ තියන දිගම වචනේ තරමට ඒ කොටු පේළියම හරිගැස්සෙනවා....
03.කොටු කිහිපයක් එක කොටුවක් බවට පත් කරගැනීම....
මෙහිදී එක වරම කොටු කිහිපය එකතු කොට එහි ඇති වචන කිහිපය එම තනි කොටුවේ මැදට ඒමට සැලැස්විය හැක...
(2 ක්‍රමය)
06. අළුතෙන් කොටු සහ පේලි,තීරු එකතුකර ගැනීම..
මෙහිදී කොටු 2ක් තෝරාගෙන ලබාදුනහොත් අලුතෙන් පේලි හෝ තීරු 2ක් එකතු වේ.....
07. table එකට borders ගැනීම...
08.කොටුවක හෝ කොටු කිහිපයක ඇති වචන හෝ අකුරු හැරවීම...
09. ඇඳගත් කොටු මකා දැමීම..
10. ගණිතමය ක්‍රියාකාරකම්....
සංක්‍යා එකතු කිරීම...
මෙහිදී එක කොටුවක් තුලට ගණිතමය සමීකරණයක් ඇතුල් කිරීමට නම් අනිවාර්යයෙන්ම සමීකරණයට මුලින් + ලකුණ හෝ = ලකුණ භාවිත කලයුතුය..... උදාහරණයක් ලෙස Y97,Z97,AA97 යන කොටු තුල තිබෙන සංක්‍යා වල එකතුව ලබාගැනීමට නම් එකතුව සටහන් විය යුතු කොතුව තුලට ගොස් පහත පරිදි සටහන් කල යුතුය...+SUM(Y97+Z97+AA97) මෙය ලබා දී Enter කල පසු එකතුවේ අගය එම කොටුව තුලට ලැබේ......
මෙහිදී ඉහත ආකාරයට වගුවක ඇති අංක එකතු කිරීමට අවශ්‍ය නම් පළමු පේලිය එකතු කොට ලැබෙන පිළිතුර සහිත කොටුව පහල අයිනෙන් ඇති කිඩ කළු කොටුවෙන් අදාල කරගත යුතු සියලු කොටු පහලට තෝරන්න...
No comments:
Post a Comment