කාගේත් යහපත උදෙසා මෙහි රහස්‍ය භාවය සුරැකීමටත්, මුර පදය වෙනත් අයට ලබා නොදීමටත් මතක තියාගන්න....
01 Mail Merge
මේ වැඩේ නම් ටිකක් අමාරු වැඩක්.. මේ වැඩේ කරන්නේ වැඩි පිරිසකට එකම ලියුමක් යවන්න තියනවා නම් තමයි.. කරලම තමයි බලන්න ඕන....
01. යවන්න ඕන ලියුම හදාගන්න... එකේ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන කරුණු තියන තැන වල හිස් ඉඩක් තියන්න... උදාහරණ විදියට ලිපිනය, නම, දුරකථන අංකය වගේ එන තැන් වලට හිස් තැන තියන්න..... කෝකටත් වැඩේ පටන්ගන්න ඉස්සෙල්ල වෙනම folder එකක් හදල ලියුම save කරලා තියාගන්න... එක ඇඟට ගුණයි....
02 දැන් ලියුම දිග ඇරගෙන රුපයේ පරිදි යන්න....
03 දැන් උඩින්ම තියන letters කියන තැන tic එක දාල දකුණු පැත්තේ පහලින් තියන 'Next : starting document' 'click' කරන්න...
04 දැන් දකුණේ උඩින් තියන 'use tha current doc' තියන තැනට tic එක දාල පහලින් තියන 'next', 'click' කරන්න.
05 මෙතෙන්දි නම් අපිට අලුතෙන් list එකක් හදන්න වෙනවා.... එකට type a new list ඉස්සරහින් tic එක දැම්මට පස්සේ එකට පොඩ්ඩක් පහලින් එන create කියල තියන එක 'click' කරන්න...
06 දැන් එනවා table එකක් හදන්න.... එක තමන්ට ඕන විදියට හදාගන්න පහලින් තියන customize columns 'click' කරන්න.
07 දැන් එන table එක තමන්ට ඕන විදියට හදාගන්න. ඒ කියන්නේ තව එකතුවෙන්න ඕන විස්තර තියනවා නම් එකතු කරගන්න... අයින් කරන්න ඕන ඒවා තියනවා නම් අයින් කරගන්න... පහල තියන පින්තුර ටික හොඳට බලනකොට වැඩේ තේරුම්ගන්න පුළුවන්...
09 දත්ත ඇතුලත් කරලා ඉවර වෙලා ok කරන්න.... මෙතෙන්දි අහනවා save කරන්නද කියල... අනිවාර්යෙන්ම මේක save කරගන්න ඕන... එක අර අපි මුලින්ම හදාගෙන ලියුම save කරගත්තු folder එකටම save කරගන්න.... වැඩේ ලේසියි....
10 save කරගත්තට පස්සේ පින්තුරේ වගේ එනවා.. එතන ok කරන්න.... ඊටපස්සේ පහලින් තියන 'Next : write your letter' 'click' කරන්න.....
11 දැන් රුපයේ තියන තැනට යන්න...
12 දැන් රුපයේ පරිදි තෝරාගත යුතුතුය.. උදාහරණ ලෙස ලිපිනයේ දෙවන පේලිය ලියවිය යුතු තැන ලියුමේ කලින් තැබූ හිස්තැන මත 'click' කරන්න. ඉන්පසු රුපයේ ආකාරයට ක්‍රියා කරන්න... එවිට ලිපියේ පින්තුරයේ ඇති ආකාරයට දිස්වේ.... මේ ආකාරයට සියලුම දත්ත ලබාදුන් ලිපිය නැවත වාරයක් වෙනමම save කරගන්න... මේ සඳහාද පෙර ලිපිය save කල ස්ථානයම ලබා දෙන්න...
13 ඉන්පසු 'Next : preview your letter' ක්ලික් කර ඊළඟ පියවරට යන්න...දැන් ඔබට එක ලිපියක් ඔබ ලබා දුන් කරුණු අන්තර්ගත වී පෙන්වනවා..
14 ඉන්පසු නැවත 'Next : complete the merge' 'click' කරන්න...
16 ඉන්පසු පහත රුපයේ පරිදි All ලබාදී ok කරන්න...
17 දැන් ඔබට අවසාන වශයෙන් පෙර data table ලබා දුන් දත්තයන් අනුව සැකසුනු සියලු ලිපි එක පෙලට දිස්වනු ඇත... මෙම ලිපි පෙළ නැවත වෙනමම පෙර ලිපි save කල folder එකේම save කරගන්න....
02 Hyperlink
මෙතනින් කරන්නේ අපි හදාගෙන තියන WORD DOC එකක් ඇතුලට තවත් DOC( Excel, Power P) එකක ලින්ක් එකක් දන එක.... උදාහරණයක් විදියට WORD DOC එකක ලියපු ලියුමකට Excel වලින් හදපු Sheet එකක් දන්න බැරි නිසා අදාල වචනය කරාම ඒ එකට යන්න පුළුවන් වෙන්න හදන එක තමයි කරන්නේ.... මේ Hyperlink එක වැඩ කරන්න නම් අදාල වචනය Alt එක ඔබාගෙන Click කරන්න ඕන... එතකොට තමයි link එක දීපු අනිත් Doc එකට යන්නේ....
01. WORD DOC එක හදාගෙන folder එකක save කරගන්න. ( අපිට WORD DOC එකට link එක දාගන්න ඕන අනිත් doc එකත් මේ folder එකටම copy කරගත්ත නම් වැඩේ තවත් ලේසියි...) .. ඊටපස්සේ අපිට link එක දාගන්න ඕන තැන click කරලා පින්තුරේ තියන තැනට ගිහින් click කරන්න...
02. දැන් එන D' Box එකෙන් තමන්ට දාගන්න ඕන doc එක hard එකේ තියන තැන පෙන්වන්න... ( දාගන්න ඕන අනිත් doc එකත් මේ folder එකටම copy කරගන්න කියල කිවුවේ මේක නිසා...)
03. ඕන file එක තෝරලා දීල ඒ file එක open වෙන්න අපි ලියපු doc එකේ දෙන්න ඕන නම, ඒ කියන්නේ අදාල වචනය ලියන්න... එක තමයි උඩම කොටුවේ තියෙන්නේ... එකත් දීල ok කරන්න.
04. වැඩේ හරි නම් තියන පින්තුරේ වගේ අපි ඉස්සෙල්ල දුන්න අදාල වචනය නිල් පාට වෙලා තියෙන්න ඕන....
මේ Hyperlink එක වැඩ කරන්න නම් Alt එක ඔබාගෙන Click කරන්න ඕන... එතකොට තමයි අනිත් එකට යන්නේ....
No comments:
Post a Comment