Tuesday, May 26, 2015

අමාවක අහස...


හිරු සඳු ගෙනවිත්
දෝතට පුදන..
මුලාවෙන් හැඳි වතත්
උනා ගෙන දුවන...
කාසි කොළ පොදියක්
පදනමට උන...
ව්‍යාජ මිතුරු දම්
මෙහේ හරි ලාබයි
අම්මේ....
දුරකථන හදවත
නැවතුනත්..
ආදරෙයි කියන්නට
බැරි උනත්..
රූටන කඳුළු බිඳු
දෑතින්ම පිසදමන්..
අවංක සෙනෙහසයි..
අව්‍යාජ සිනහවයි..
හදවතින් දරන්..
හෙට උදේ බස් එකෙන්..
මම ආයේ එනවා
වෙරළු ගහ යටට
පුංචි කාලය හොයාගෙන...
අමාවක අහස
මම හිතුවටත් වැඩිය
ගොඩක් කළුවරයි
අම්මේ.......