Sunday, June 1, 2014

සැටලිම

මන් ඔබට වාරු දුන්නේ
ජීවිතය හයිය කරගන්න
සැටලිමක් විදියට..
හිතාගෙන උන්නේ 
ලස්සන ගෙයක් හදන්
ජිවත් වෙන්න...
මගේ අරමුණ උනේ
ශක්තිමත් කරන්න නුඹ..
නමුත් මට අමතක උනා
එක දෙයක්..
බදාම ටික සවි උනාම..
සැටලිම ගලවා
ඉවත දමනා වග...

No comments:

Post a Comment