Monday, December 30, 2013

අවංක හිත..

අවංක හිත් වලට
හරි ඉක්මනට
වරදිනවා...
අද ඒ කතාව
ඇත්ත බව
මටම තේරුණා...
හැබැයි ඒත්
වරදින්නේ
හැමදාටම නොවන වග
මට හොඳටම
විශ්වාසයි...

Sunday, December 29, 2013

සෙවණ....

මට සෙවන දෙන ගසක්
අන්සතු බිම් කඩක 
මගේ වැට මායිමේ....
හිරු රැසින් හෙම්බත්ව
මියැදෙමින් සිටි මට
ඒ සෙවන මහ මෙරකි.... 
ඉතින් මා රකිමි ඒ ගස
මගේ වැට මායිමේ සිට....
දනිමි මා කෙදින හෝ....
මට සෙවන දෙන 
ඒ ගසේ අතු ඉති 
ගසේ හිමි කරු විත්
කපා දමනා වග...
දනිමි එදිනට
ගසට කල හැක්කක්
නොමැති වන වග....
එදින මා මියැදේවි
හිරු රැසට මැදි වී
කාටවත් නොකියාම....


වෙනස.....

වත්මන සිටින ලබැඳියන්ගේ
සුළු වෙනසක් පවා
බරපතල විදියට
හිතට දැනෙනුයේ.....
අතීතයේ ඔවුන් සමග
එකට කා බි සිටි හැටිත්.....
දුක සැප සොයා
ආරක්ෂා කල සැටිත්.....
මගේ දුක සැප සොයා
මා සැනසූ සැටිත්....
තදින්ම මතකයේ
රැඳී තිබෙන නිසාවෙනි....

යුද්ධයක්.....

හිත සමග යුද්ධයක්.....
කාටවත් වදයක් නොවී
පාඩුවේ ඉන්න.....
අසීමිතව ගලන සිතුවිලි
පාලනය කරගන්න.....

අද...

ජීවිතය විඳවමින් සිටි මා
එය විඳින්නට පටන්ගෙන ඇත...
සිනහවක් නොවූ මුවගට
ඉඳහිට හෝ සිනහවක් පැමිණේ...
ස්තුතියි ඔබට....!!!!!

Saturday, December 28, 2013

සිනහව...

පාවහන් යුගලක් නොමැතිව
හඬා වැළපුනෙමි....
සිහින මැවුවෙමි....
නමුත් ඔහු දෙපා අහිමිව
සිනහවෙන් යන අයුරු දුටු විට
රෝද පුටුවක වාරුවෙන්...
අවබෝධ විය........
ඔහුට අහිමි දෙපා
මට හිමි නිසාවෙන්......
අද පටන් මා
සතුටු විය යුතු වග......
තේරුම් ගතිමි...
සැමදා සතුට රැඳෙනුයේ
තම සිතුවිලි අනුව මිස
භාහිර ලෝකයේ පවතින
භෞතික සම්පත්
මත නොවන වග...

Wednesday, December 25, 2013

අප්‍රමාධිව වෙහෙසෙන්න....


සුනාමිය...



උදම් රලටත් නොසැලුණු බුදුරුව.....
එදා මිනිසුන්ට කිය දුන් පාඩම
වසර නවයකට පසු
වත්මන බහුතරයකට
අමතකව ගොස් ඇති සේය.....
එදා අකාරුණික ලෙසින්
අකාලයේ අප අතරින් වෙන් වූ...
සියලු මිනිසුන් හට
මෙවන් අකල් වියෝවන්
මතුවට සිදු නොවන්නටත්.....
යලි කිසිඳු දිනයක
ලොව කිසිඳු තැනකට
මෙවැනි විපතක්
නොවීමටත් පතනෙමි....
මිනිසුනේ......
සොභාදහම අපේ අයිතියක් නොව.....
අපි අයිති සොභාදහමටයි....
ධර්මය තුල ජිවත් වෙන්නා
ධර්මය තුලින් ආරක්ෂා වනවා සේම...
සොභාදහම තුල ජිවත් වන්නා...
සොභාදහම විසින් ආරක්ෂා කරන්නේය....

මම හිතන්නේ....


පුහු ජනප්‍රියත්වය සමඟින්
මුදලාලි පට්ටම් පාගාගෙන
සබෑ මිනිස් කම සොයා
ඇවිද යමි නැවතත් ඉදිරියට........
මහා ලොකු මිතුරන් මට නැත.........
දුක සැප මෙන්ම සියල්ලම
අසීමිතව කීමටත්
මට ඇසීමටත් ඇත්තේ
එක් අයෙකු පමණි..........
මගේ මෙන් සිතාගෙන
රකිමින් දුක සැප විමසනුයේ.......
මගේ උන් මා සමඟ නොසිටි විට
තනිකම, පාළුව සමගින් දුකද එකතුව
එලව එලවා වද දුන් අයුරු
මට අමතක නොවන නිසා මිසක
කාටවත් වදයක් වීමට නොවෙයි........
මහා ලොකු ධනයක් නැති වුවද
මට අවැසි දෙය මා සතුය.......
එනිසාවෙන් හැකි පමණ සියල්ලම
අනුන් හට ලබා දෙනුයේ.......
මට ඇති නිසා නොව.....
නොමැතිව සිටීමේ වේදනාව
අතීතයේ තදින් දැනී ඇති නිසාය.......
තව දෙයක් කිව යුතුය........
මම සර්ව සම්පුර්ණ නැත.......
නමුත් මම පටු අරමුණු මත පදනම්ව
මම නොවන වෙනත් අයෙකු ලෙස
පෙනී සිටීමට හෝ මවා පෑමට
උත්සහ ගන්නේද නැත.....

Wednesday, December 18, 2013

ආයුභෝවන්...!!!!!!!

ස්ථිරයි කියා මෙලොව ඇති
එකම දෙය නම්
අස්ථිරත්වය පමණි.......
මේ වග මට හැඟී ගියේ
වෙනදා මා සමඟ
තනිකමට සිටි රළු මුහුදද
අද ගොළුව ඇති නිසාවෙනි.....
එනිසාවෙන්ම මා හද
අද පටන් ගොළු වන්නේය....
කාර්යබහුලත්වයෙන් මිදී
තනිව හඬ නැගීමට මෙන්ම
නිදහසේ සිතීමට......
යලිත් හැකි වූ දිනක
නැවත අපි හමුවෙමු....
එතෙක් ඔබ හට
අයුභෝවන්.....!!!

Sunday, December 15, 2013

වාර්ෂික දානමය පිංකම ගාල්ල කරාපිටිය පිලිකා රෝහල....

දුන් බත් පත ගන්නට
කටු ගසා ප්ලාස්ටර ඇලවූ දෑත........
දිගුකොට අමාරුවෙන් 
ඇඳක් යට සිට..........
ජිවිත ආශාව අතහැර
මරණය පෙනෙන දෑසට
කඳුළු ඉනුව අයුරු දැක......
බෙහෙත් සැරට ඉදිමුන 
දෙතොලින් කොඳුරමින්
පින් දෙන වදන් පෙළ 
ඇසුණු විට මට....
සාක්කුව තුල සැඟවුණු 
කැමරාව එලියට ගන්නවත්
නොහැකි තරමටම
මගේ දෙඅතම එකවර  
පන නැතිව ගිය නිසාවෙන්......
එහි වූ එක් රෝගියෙකු වත්
මගේ තෙවැනි ඇස තුල
සිතුවම් නොවිය.....





මේ අව්රුද්දත් හැම අතින්ම සමානයි එකක් හැර....


Saturday, December 14, 2013

සුපුරුදු කඳුල...

අහිමි වීම දරා  ගැනුමට
විකල්පයක් සොයමින්
හුදකලාව පියමැන්නෙමි....
හමුවිය....
නමුත් මට එය
තවත්  අහිමි විමක
හමු වීමකි....
මා තවත් ඉදිරියට නොයමි...
මන්ද ඉදිරියටත් ඇත්තේ
සුපුරුදු කඳුලය...
නමුත් කෙදිනක හෝ
සිනහවක් මා සොයා
එනු ඇත.....
එතෙක් මගේ අවසානය
මෙතැනය....

සොයමි...

කාගෙවත් ජීවිතයකට
කරදරයක් නොවී...
කාටවත් වරදක් නොකර...
සමාජයටත් මටත්
වැඩදායි ලෙස සතුටින්
ජිවත් වීමට මගක්....

මම........?

මම
මගේය කියා
මා සිතා සිටියද
ඇත්තටම
මගේමද ?

බලාපොරොත්තුව.....

Thursday, December 12, 2013

දුක...?

හිතට දුක හිතුනම
ගැටළුවක් ආවම
කෙනෙක් සමගින්
කිව්වම
හිතට සැහැල්ලුයි......
කතාව නම් ඇත්ත.....
එත්...
දුක අහන කෙනාට
එක වදයක් නම්.....
එයාගේ ජිවිතයට
ප්‍රශ්නයක් නම්....?


අයෙමත් අයෙමත්....


සෝම හාමුදුරුවෝ....


අද දවසට
ඔබ වහන්සේ අපට අහිමිව
දස වසරක් ගෙවී ගිහින්....
මම පතන්නේ නෑ
අපේ හිමියන් නිවනින් 
සැනසෙන්නටය කියා...
මන්ද 
ඔබ වහන්සේ යලිත් 
ලක් දෙරණට වැඩිය යුතුය
යන මතයේ මා 
තවමත් සිටින නිසා....

Wednesday, December 11, 2013

අම්මා....


අම්මෙක් දරුවෙක් හදන්නේ
අසරණ උන දවසක
රැකගනිවී  කියල හිතාගෙන
මිසක් දරුවෙක්  නිසා
අසරණ වෙන්න නෙවෙයි....

අම්මෙක්ට තම දරුවට
ලොකු ඇඳුමක් අන්දවන්නට
අවුරුදු විස්සක් ගත වුවද.......
පිට කෙනෙකුට
දරුවා ගොනාට අන්දවන්නට
ගතවන්නේ තප්පර ගණනකි.......


අසරණ බුදු සරණ.....

රටා මවන විදුලි බුබුළු
අතරේ අතරමංවූ බුදුරුව.........
සඟවාගත් රුපවාහිනී තිරය
උදැසනම මා අතරමං කළේය........

එකෙකුගේ  පම්පොරියත්
සමඟින්ම  අවසිහියෙන්
වේදිකාවට ගොඩවූ
සම්මත ඉඟුරු කැල්ලක්........
තම ගොන් පාට්
අපට පෙන්වීම ඇරඹිය......
ඇයගේ මුවින් ගිලිහුණු
සියළු වදන් වල මෙන්ම
ශරීර ඉරියව් වලින්
බුර බුරා නැගුනු අසැබි බව
උදැසනම බසයට
නැඟී සියල්ලන්ම
අපහසුවට ලක් කළේය......
මා මුවින් සිනහ වුවද
සිතින් මංමුලා වුයේ
මෙකි තාරුණ්‍යයයේ
අනාගතය කොතනටද යන්න
සිතීමෙනි....

මා තවත් කරුණක්
මනාව තේරුම් ගතිමි....
වත්මන හය හතර
නොදත් පොඩි උන්
වේදිකාව මතට වී
"චපල හිමිගේ සිරියහනේ "
"රැවටෙන්නද මන්...."
"එහෙම කලොත් ඔබ කියාවි"
"මෝඩ ගෑණි මන්"
කියා ගයන විට
මෙවැනි සිදුවීම් අනාගතයේ
අරුමයක් නොවන වග....

Wednesday, December 4, 2013

ගින්දර බැඳීම....

සීතල දුරලන්නට
සහය වන නිසාවෙන්...
මහත් වූ අසාවෙන්
ලන්කරගත්තද....
වඩාත් සමීප වූ විට
සමීප සියල්ලම
දවාලයි අකම්පිතව.....
බැඳීම් ද මෙලෙසමය...
අසාවෙන් ඇතිකරගත්තද,
නිවැරදිව තේරුම් නොගෙන
සිමාව ඉක්මවූ විට......
අසීමිත දුකකට
නිතැතින්ම පත්වන්නේය.....


සංසාරේ අපි...?

පුද්ගලයන් දෙදෙනෙක්
නිවෙස් දෙකක්
ගනී බදු පදනමින්.....
එකෙකු කති, බොති,
සුවසේ නිදති...
වියදම පමණකි....
මුදල් ඉක්මනින්ම
අවසන් වන ඔහුට
මහමග උරුම වෙයි.....
අනෙකා වෙහෙසෙති
උපයති, ඉතුරු කරති.....
එනිසාවෙන්ම ඔහු
වත්මනට මෙන්ම
අනාගතයටද
පොහොසතෙකි.....
මන්ද ඔහු
නුදුරේදී නිතැතින්ම
පෙරටත් වඩා සැපවත්
නිවහනක් කරා යන්නේය....
නමුත් අනෙකා
මහ පාරේය...
හිතන්න...
මේක තමයි ජීවිතය...
සසරේ සැරිසරන ගමන්
බද්දට ගත්තු ශරීරයක්...
අපි මොනවද මේ කරන්නේ....?
අපි යන්නේ කොතැනටද....?

අවසන අපි...

පාට කන්නාඩියෙන් බලා
සුදෝ සුදින් බැබලෙමින්......
ලෝකයට පෙනෙන්ට
ජිවත් වන මිනිසුනේ......
බලන් නිරුවත් දෑසින්.......
දහසක් දේ පොදි ගහන්
සිටියමුත්  අවසන.......
හිස් අතින්ම නික්මෙන
පුදුමාකාර ජීවිතයක අපුරුව....

හිතේ බර..

අවංක උනාම
යාළුවෝ වැඩියි......
යාළුවෝ අතරේ
අවංක යාළුවෝ
හරි අඩුයි......
එඋන් ඉදිරියේ
විවෘත්ත වැඩියි.....
විවෘත්ත වැඩි නිසා
කියවනවා වැඩියි.....
කියවනවා වැඩි නිසා
බොරු කාරයෙක් කියල
හිතන අය වැඩියි....
ඒ උනාට මට නම්
හැමදේම කියන නිසා
හිතේ බර අඩුයි....