Pages
- ගෙදර ( Home )
- රාහුල අම්මා...
- පොත් (books) සහ අන්තර්ජාල පිටු සබැඳුම් (links)
- NAITA IT Matara 2013 ( IT Intro/ Ms Word / Other )
- NAITA IT Matara 2013 ( Word doc mailing and Other )
- NAITA IT Matara 2013 ( Excel )
- NAITA IT Matara 2013 ( ACCESS )
- NAITA IT Matara 2013 ( HTML )
- NAITA IT Matara 2013 ( VB )
- NAITA IT Matara 2013 ( Hardwere )
- NAITA IT Matara 2013 ( Photoshop )
- NAITA IT Matara 2013 ( Network )
- NAITA PP
- NPC
- STJ 81000 + DMC
Thursday, January 30, 2014
Saturday, January 25, 2014
හිටිය නම් නුඹ.. දුකක් නෑ අද.....
දිනිදු නැග එයි.. නැවත බැස යයි..
වසන්තය නෑ නිමා වෙන්නේ..
කෙනෙකු හමු වෙයි.. නැවත වෙන් වෙයි..
මතක පමණයි ඉතිරි වෙන්නේ..
මතකය සුවඳයි.. හැමදා සිහිවෙයි..
කවදාවත් නෑ නැති වෙන්නේ..
(පද පෙළෙහි කොටසක් සිතිර අයියගෙන්)
වසන්තය නෑ නිමා වෙන්නේ..
කෙනෙකු හමු වෙයි.. නැවත වෙන් වෙයි..
මතක පමණයි ඉතිරි වෙන්නේ..
මතකය සුවඳයි.. හැමදා සිහිවෙයි..
කවදාවත් නෑ නැති වෙන්නේ..
(පද පෙළෙහි කොටසක් සිතිර අයියගෙන්)
Thursday, January 23, 2014
ජිවිත අවබෝදය........
ඕනෑම කන්දක්
උස වැඩි වෙන තරමට...
නගින්න අමාරුයි...
හැබැයි උසම කන්ද
නැග්ගට පස්සේ
බලන්න පුළුවන් දුර
ගොඩක් වැඩියි....
ඒවගේ තමයි ජීවිතය...
එන දුක්, කරදර
නින්දා, අපහස මැදින්
නොසැලී ඉදිරියට ගියාම..
ලබන්න පුළුවන්
ජිවිත අවබෝදය
ගොඩක් වැඩියි....
Wednesday, January 22, 2014
ඇත්ත කතාවක්....
මේ පින්තුරේ තියන වචන වලට වැඩිය පින්තුරේ කියාගන්න බැරි ලොකු අර්ථයක් තියනවා... හොඳට බලන්න... තේරුණා නම් අදහස් දක්වන්න....
තවමත් තනි වෙලා නෑ මම....
එක මවු කුසින් බිහි නොවුනත්..
මගේ එකෙකු ලෙසින් ඉන්න
දෙන්න උත්තර නැති උනත්
ප්‍රශ්න අහගෙන ඉන්න...
සත පහකට වැඩක් නැති උනත්...
කියවන දේ අහන්න...
දිගු කොට සහෝදරත්වයේ දෑත්
නින්දා, ගැරහුම්, ගැටළු මැදින්...
මට ඒක මහමෙරක්
කිසිම දෙයකට නොසැලෙන....
ලොකුම ලොකු ශක්තියක්..
ජිවිතයේ නව මානයක් දකින්න..
දිරි දියන් තව මට.... දිරි දියන්...
අයෙමත් නොවැටෙන්නට....
නොසැලී යන්න ඉදිරියටම...
උඹලට කවදාවත්ම වරදින්නේ නෑ...
වරදින්න ඉඩ තියන්නෙත් නෑ...
අද දැනුනා තවමත් මම
තනි වෙලා නෑ කියල....
මට....
බොරුව, වංචාව, රැවටීම
එක්ක ජිවත් වෙලා
සතුටු වෙනවට වඩා...
අවංකව, අව්‍යාජව, නිහතමානිව
ජිවත් වෙලා
දුක් වින්දත් කමක් නෑ.....
එක්ක ජිවත් වෙලා
සතුටු වෙනවට වඩා...
අවංකව, අව්‍යාජව, නිහතමානිව
ජිවත් වෙලා
දුක් වින්දත් කමක් නෑ.....
Sunday, January 19, 2014
ගුරු මව්නි.. ඔබට ඉක්මන් සුවය....!!!!!!
අද මට පුළුවන් උනා ටීචගේ කඳුල අමතක කරලා ටිකක් හිනස්සන්න....
අපි කාටත් ඕන ඒක...
අපි කව්රුත් හොයන්නේ ඒක...
අපි කව්රුත් කාගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒක....
අම්මා......
මගේ කියල මම
හිතාගෙන ඉන්න අය
ලෙඩ වෙලා දුක් විඳිනකොට....
මම ගිහින්
දුක සැප හෙවුවා.......
ලඟින් හිටිය........
යන්න බැරි නම්
කෝල් කරලා හරි
හොයල බැලුවා........
පරිස්සම් වෙන හැටි
කිව්වා.......
ඉක්මනට හොඳ වෙන්න
ප්‍රර්ථනා කරා.......
හරියට මගේ ලෙඩක් වගේ.......
ඒත්...
අද මම ලෙඩ වෙලා....
ලෙඩ වෙලා කිව්වත්
ගානක් නෑ කාටවත්.....
රත්තරන් අම්ම නැත්තන්
තුන් වේලට කැඳත් නෑ.....
තරහ නෑ කා එක්කවත්...
මම උදවු උපකාර කලේ
ඔයාලගෙන් ප්‍රති උපකාර
බලාගෙන නෙවෙයි....
සහෝදරකම් නැතිවෙන්නේ
නෑ කවදාවත්.....
සමහර විට කාර්යබහුල ඇති
ඔයාලා හැමෝම.....
මම දන්නවා
සමහර අයට කතා කරන්න බෑ...
හැම පැත්තෙන්ම ප්‍රශ්න...
නැත්තම්.....
මගේ හිතේ
ඔයාලා ගැන තියන
සහෝදරකමට වඩා
ඔයාලගේ හිතේ
මං ගැන තියන සහෝදරකම
ටිකක් වෙනස් ඇති....
Tuesday, January 14, 2014
මම තරහ නෑ........
තරහ නෑ.....,
මගේ දුක
ඇහුනේ නෑ වගේ හිටියට....,
දැනුනා....
වෙනද වගේ දැන්
කතාකරන්න මා එක්ක
වෙලාවක් නැති බව...,
දන්නවා....
සතුට හොයන මම
කාර්යබහුල ඔයාලට
තවත් එක ප්‍රශ්නයක්
විතරමයි කියල....,
හිතුනා...
සමහර විට
මට ඔයාලව ඕන තරමට
ඔයාලට මාව
ඕන නැතුව ඇති.....,
කමක් නෑ.....
මගේ දුක ඔයාලගේ
සතුට උනාට....,
බය වෙන්න එපා...
කවදාවත්ම
මගේ සතුට
ඔයාලගේ දුකක්
වෙන්නේ නෑ.....,
මගේ දුක
මං ම නැති කරගන්නම්
කාටවත් නොකියාම.......
මගේ දුක
ඇහුනේ නෑ වගේ හිටියට....,
දැනුනා....
වෙනද වගේ දැන්
කතාකරන්න මා එක්ක
වෙලාවක් නැති බව...,
දන්නවා....
සතුට හොයන මම
කාර්යබහුල ඔයාලට
තවත් එක ප්‍රශ්නයක්
විතරමයි කියල....,
හිතුනා...
සමහර විට
මට ඔයාලව ඕන තරමට
ඔයාලට මාව
ඕන නැතුව ඇති.....,
කමක් නෑ.....
මගේ දුක ඔයාලගේ
සතුට උනාට....,
බය වෙන්න එපා...
කවදාවත්ම
මගේ සතුට
ඔයාලගේ දුකක්
වෙන්නේ නෑ.....,
මගේ දුක
මං ම නැති කරගන්නම්
කාටවත් නොකියාම.......
Monday, January 13, 2014
සමාවෙන්න.....
කය පාලනය කලද
සිත පාලනයෙන්
ගිලිහී ගිය විට
වචනය දඩබ්බර විය....
තේරුම් ගතිමි
සිදු නොවිය යුත්තක්
සිදු වූ වග....
ප්‍රමාදය මා ප්‍රමාදය....
තේරුම් ගත් විට
මේ කරුණ.....
මුවින් ගිලිහුණු වචන
නැවත ආපසු
ගත නොහැකි වග...
අදිටන් කරගතිමි අද පටන්
නැවත මේ ලෙස
වචනය අසංවර
නොකර ගන්නට.....
ඉවත් කරගතිමි සිතින්
නැවත නුපදින ලෙසින්
නපුරු සිතුවිලි.....
බෝ මැඩ සිට තනිව
කඳුළු පිරි දෙනෙතින්
කඳුළු පිරි දෙනෙතින්
සංවරව....
Monday, January 6, 2014
දිනනවා....
මම දිනනවා...
දැන්ම නෙවෙයි...
මොකද
මම හඳට යන්න
ෂොට් කට් හොයන්නේ නෑ....
තනියමත් නෙවෙයි..
මට දුකට සැපට
ළඟ ඉන්න
මගේ උන් එක්ක...
Sunday, January 5, 2014
අද දවස...
අමාරුවෙන් නිහඬවම
ගෙවා දැමුවද....
යථාර්තය තේරුම් ගතිමි...
අහිමි වූ දෙය ගැන නොසිතා
පහත් තැනින් භාදක නොදා
පල්ලම් බහින්නට
ඉඩ සැලැස්විය යුතුය
ජීවන ගඟට...
එවිට කවදා හෝ ඉක්මනට
මුහුදට එකතු වී
නතර වේවි දුකක් නැතුවම.....
ගෙවා දැමුවද....
යථාර්තය තේරුම් ගතිමි...
අහිමි වූ දෙය ගැන නොසිතා
පහත් තැනින් භාදක නොදා
පල්ලම් බහින්නට
ඉඩ සැලැස්විය යුතුය
ජීවන ගඟට...
එවිට කවදා හෝ ඉක්මනට
මුහුදට එකතු වී
නතර වේවි දුකක් නැතුවම.....
නංගි......
නිවන් දකිනා තුරා මතු දා
එකම මවු කුස ඉපදිලා...
මතුත් නුඹ මට හමු වෙයන්...
මගේ පොඩි නංගෙක් වෙලා....
වැටුණු විටදී දිරි දියන්
නැගී සිටිනට මගේ දෙපයින්...
මගේ දුක හැමදා බෙදන්
මාත් එක්කම හිනැහියන්....
එකම මවු කුස ඉපදිලා...
මතුත් නුඹ මට හමු වෙයන්...
මගේ පොඩි නංගෙක් වෙලා....
වැටුණු විටදී දිරි දියන්
නැගී සිටිනට මගේ දෙපයින්...
මගේ දුක හැමදා බෙදන්
මාත් එක්කම හිනැහියන්....
Saturday, January 4, 2014
අවසානය.....
ගැඹුරු අඳුරු අගාදයක
වැටි සිටිනා මොහොතක
කිනම් අයුරකින් ධනාත්මකව
අනාගතයක් ගැන සිතම්ද...
අනාගතේ යම් දිනයක
මා වදයක් ලෙස පෙනේවි
සමහර විට අද දැනටත්
එය සිදු වී දැයි නොදනිමි.....
මට නොහැකිය කිසිම විටක
තව කෙනෙකුට මන් හින්දා
දුක් කරදර ප්‍රශ්න සැකය
ඇතිවනු දැක්මට වත්මන....
අමාරුවෙන් චංචල හිත
හදාගතිමි මම අද සිට
නැවතත් පෙර සිටි විලසට
සියලු දෙයම සිදු කරන්න...
මාත් එක්ක ඉන්නා උන්
මගේ වගේ රැක ගන්නෙමි
පුළුවන් ඇති හැම දෙයක්ම
සැමට බෙදා ගෙන දෙන්නෙමි...
සිත කය වචනය තුන් දොර
සංවර කර හිත හදාන
කාටත් වාතයක් නොවී
පතනෙමි මම මිය යන්නට...
කෙදිනක හෝ මිය ගිය පසු
පවුලේ අය දුක් විඳීවි
බහුතරයක් යාළුවන්ට
මා අමතක වෙලා යාවි.....
නෑදෑයන් එකතු වෙලා
සොහොන් කොතක් ඉදි කරාවී
හිරු කිරණයි සඳ එළියයි
මගෙ සොහොනේ තනි මකාවී...
Wednesday, January 1, 2014
සුභ අලුත් අව්රුද්දක් වේවා හිත මිතුරු සියළු දෙනාටම....!!!!!!!!
ලැබුවා වූ නව වසර
සාමය සතුට පිරුණු
පැතු පැතුමන්
ඒ අයුරින්ම ඉටු වන
නිදුක් නිරෝගී
සුභම සුභ නව වසරක් වේවා...!!!
Subscribe to:
Posts (Atom)