Monday, December 30, 2013

අවංක හිත..

අවංක හිත් වලට
හරි ඉක්මනට
වරදිනවා...
අද ඒ කතාව
ඇත්ත බව
මටම තේරුණා...
හැබැයි ඒත්
වරදින්නේ
හැමදාටම නොවන වග
මට හොඳටම
විශ්වාසයි...

Sunday, December 29, 2013

සෙවණ....

මට සෙවන දෙන ගසක්
අන්සතු බිම් කඩක 
මගේ වැට මායිමේ....
හිරු රැසින් හෙම්බත්ව
මියැදෙමින් සිටි මට
ඒ සෙවන මහ මෙරකි.... 
ඉතින් මා රකිමි ඒ ගස
මගේ වැට මායිමේ සිට....
දනිමි මා කෙදින හෝ....
මට සෙවන දෙන 
ඒ ගසේ අතු ඉති 
ගසේ හිමි කරු විත්
කපා දමනා වග...
දනිමි එදිනට
ගසට කල හැක්කක්
නොමැති වන වග....
එදින මා මියැදේවි
හිරු රැසට මැදි වී
කාටවත් නොකියාම....


වෙනස.....

වත්මන සිටින ලබැඳියන්ගේ
සුළු වෙනසක් පවා
බරපතල විදියට
හිතට දැනෙනුයේ.....
අතීතයේ ඔවුන් සමග
එකට කා බි සිටි හැටිත්.....
දුක සැප සොයා
ආරක්ෂා කල සැටිත්.....
මගේ දුක සැප සොයා
මා සැනසූ සැටිත්....
තදින්ම මතකයේ
රැඳී තිබෙන නිසාවෙනි....

යුද්ධයක්.....

හිත සමග යුද්ධයක්.....
කාටවත් වදයක් නොවී
පාඩුවේ ඉන්න.....
අසීමිතව ගලන සිතුවිලි
පාලනය කරගන්න.....

අද...

ජීවිතය විඳවමින් සිටි මා
එය විඳින්නට පටන්ගෙන ඇත...
සිනහවක් නොවූ මුවගට
ඉඳහිට හෝ සිනහවක් පැමිණේ...
ස්තුතියි ඔබට....!!!!!

Saturday, December 28, 2013

සිනහව...

පාවහන් යුගලක් නොමැතිව
හඬා වැළපුනෙමි....
සිහින මැවුවෙමි....
නමුත් ඔහු දෙපා අහිමිව
සිනහවෙන් යන අයුරු දුටු විට
රෝද පුටුවක වාරුවෙන්...
අවබෝධ විය........
ඔහුට අහිමි දෙපා
මට හිමි නිසාවෙන්......
අද පටන් මා
සතුටු විය යුතු වග......
තේරුම් ගතිමි...
සැමදා සතුට රැඳෙනුයේ
තම සිතුවිලි අනුව මිස
භාහිර ලෝකයේ පවතින
භෞතික සම්පත්
මත නොවන වග...

Wednesday, December 25, 2013

අප්‍රමාධිව වෙහෙසෙන්න....


සුනාමිය...



උදම් රලටත් නොසැලුණු බුදුරුව.....
එදා මිනිසුන්ට කිය දුන් පාඩම
වසර නවයකට පසු
වත්මන බහුතරයකට
අමතකව ගොස් ඇති සේය.....
එදා අකාරුණික ලෙසින්
අකාලයේ අප අතරින් වෙන් වූ...
සියලු මිනිසුන් හට
මෙවන් අකල් වියෝවන්
මතුවට සිදු නොවන්නටත්.....
යලි කිසිඳු දිනයක
ලොව කිසිඳු තැනකට
මෙවැනි විපතක්
නොවීමටත් පතනෙමි....
මිනිසුනේ......
සොභාදහම අපේ අයිතියක් නොව.....
අපි අයිති සොභාදහමටයි....
ධර්මය තුල ජිවත් වෙන්නා
ධර්මය තුලින් ආරක්ෂා වනවා සේම...
සොභාදහම තුල ජිවත් වන්නා...
සොභාදහම විසින් ආරක්ෂා කරන්නේය....

මම හිතන්නේ....


පුහු ජනප්‍රියත්වය සමඟින්
මුදලාලි පට්ටම් පාගාගෙන
සබෑ මිනිස් කම සොයා
ඇවිද යමි නැවතත් ඉදිරියට........
මහා ලොකු මිතුරන් මට නැත.........
දුක සැප මෙන්ම සියල්ලම
අසීමිතව කීමටත්
මට ඇසීමටත් ඇත්තේ
එක් අයෙකු පමණි..........
මගේ මෙන් සිතාගෙන
රකිමින් දුක සැප විමසනුයේ.......
මගේ උන් මා සමඟ නොසිටි විට
තනිකම, පාළුව සමගින් දුකද එකතුව
එලව එලවා වද දුන් අයුරු
මට අමතක නොවන නිසා මිසක
කාටවත් වදයක් වීමට නොවෙයි........
මහා ලොකු ධනයක් නැති වුවද
මට අවැසි දෙය මා සතුය.......
එනිසාවෙන් හැකි පමණ සියල්ලම
අනුන් හට ලබා දෙනුයේ.......
මට ඇති නිසා නොව.....
නොමැතිව සිටීමේ වේදනාව
අතීතයේ තදින් දැනී ඇති නිසාය.......
තව දෙයක් කිව යුතුය........
මම සර්ව සම්පුර්ණ නැත.......
නමුත් මම පටු අරමුණු මත පදනම්ව
මම නොවන වෙනත් අයෙකු ලෙස
පෙනී සිටීමට හෝ මවා පෑමට
උත්සහ ගන්නේද නැත.....

Wednesday, December 18, 2013

ආයුභෝවන්...!!!!!!!

ස්ථිරයි කියා මෙලොව ඇති
එකම දෙය නම්
අස්ථිරත්වය පමණි.......
මේ වග මට හැඟී ගියේ
වෙනදා මා සමඟ
තනිකමට සිටි රළු මුහුදද
අද ගොළුව ඇති නිසාවෙනි.....
එනිසාවෙන්ම මා හද
අද පටන් ගොළු වන්නේය....
කාර්යබහුලත්වයෙන් මිදී
තනිව හඬ නැගීමට මෙන්ම
නිදහසේ සිතීමට......
යලිත් හැකි වූ දිනක
නැවත අපි හමුවෙමු....
එතෙක් ඔබ හට
අයුභෝවන්.....!!!

Sunday, December 15, 2013

වාර්ෂික දානමය පිංකම ගාල්ල කරාපිටිය පිලිකා රෝහල....

දුන් බත් පත ගන්නට
කටු ගසා ප්ලාස්ටර ඇලවූ දෑත........
දිගුකොට අමාරුවෙන් 
ඇඳක් යට සිට..........
ජිවිත ආශාව අතහැර
මරණය පෙනෙන දෑසට
කඳුළු ඉනුව අයුරු දැක......
බෙහෙත් සැරට ඉදිමුන 
දෙතොලින් කොඳුරමින්
පින් දෙන වදන් පෙළ 
ඇසුණු විට මට....
සාක්කුව තුල සැඟවුණු 
කැමරාව එලියට ගන්නවත්
නොහැකි තරමටම
මගේ දෙඅතම එකවර  
පන නැතිව ගිය නිසාවෙන්......
එහි වූ එක් රෝගියෙකු වත්
මගේ තෙවැනි ඇස තුල
සිතුවම් නොවිය.....





මේ අව්රුද්දත් හැම අතින්ම සමානයි එකක් හැර....


Saturday, December 14, 2013

සුපුරුදු කඳුල...

අහිමි වීම දරා  ගැනුමට
විකල්පයක් සොයමින්
හුදකලාව පියමැන්නෙමි....
හමුවිය....
නමුත් මට එය
තවත්  අහිමි විමක
හමු වීමකි....
මා තවත් ඉදිරියට නොයමි...
මන්ද ඉදිරියටත් ඇත්තේ
සුපුරුදු කඳුලය...
නමුත් කෙදිනක හෝ
සිනහවක් මා සොයා
එනු ඇත.....
එතෙක් මගේ අවසානය
මෙතැනය....

සොයමි...

කාගෙවත් ජීවිතයකට
කරදරයක් නොවී...
කාටවත් වරදක් නොකර...
සමාජයටත් මටත්
වැඩදායි ලෙස සතුටින්
ජිවත් වීමට මගක්....

මම........?

මම
මගේය කියා
මා සිතා සිටියද
ඇත්තටම
මගේමද ?

බලාපොරොත්තුව.....

Thursday, December 12, 2013

දුක...?

හිතට දුක හිතුනම
ගැටළුවක් ආවම
කෙනෙක් සමගින්
කිව්වම
හිතට සැහැල්ලුයි......
කතාව නම් ඇත්ත.....
එත්...
දුක අහන කෙනාට
එක වදයක් නම්.....
එයාගේ ජිවිතයට
ප්‍රශ්නයක් නම්....?


අයෙමත් අයෙමත්....


සෝම හාමුදුරුවෝ....


අද දවසට
ඔබ වහන්සේ අපට අහිමිව
දස වසරක් ගෙවී ගිහින්....
මම පතන්නේ නෑ
අපේ හිමියන් නිවනින් 
සැනසෙන්නටය කියා...
මන්ද 
ඔබ වහන්සේ යලිත් 
ලක් දෙරණට වැඩිය යුතුය
යන මතයේ මා 
තවමත් සිටින නිසා....

Wednesday, December 11, 2013

අම්මා....


අම්මෙක් දරුවෙක් හදන්නේ
අසරණ උන දවසක
රැකගනිවී  කියල හිතාගෙන
මිසක් දරුවෙක්  නිසා
අසරණ වෙන්න නෙවෙයි....

අම්මෙක්ට තම දරුවට
ලොකු ඇඳුමක් අන්දවන්නට
අවුරුදු විස්සක් ගත වුවද.......
පිට කෙනෙකුට
දරුවා ගොනාට අන්දවන්නට
ගතවන්නේ තප්පර ගණනකි.......


අසරණ බුදු සරණ.....

රටා මවන විදුලි බුබුළු
අතරේ අතරමංවූ බුදුරුව.........
සඟවාගත් රුපවාහිනී තිරය
උදැසනම මා අතරමං කළේය........

එකෙකුගේ  පම්පොරියත්
සමඟින්ම  අවසිහියෙන්
වේදිකාවට ගොඩවූ
සම්මත ඉඟුරු කැල්ලක්........
තම ගොන් පාට්
අපට පෙන්වීම ඇරඹිය......
ඇයගේ මුවින් ගිලිහුණු
සියළු වදන් වල මෙන්ම
ශරීර ඉරියව් වලින්
බුර බුරා නැගුනු අසැබි බව
උදැසනම බසයට
නැඟී සියල්ලන්ම
අපහසුවට ලක් කළේය......
මා මුවින් සිනහ වුවද
සිතින් මංමුලා වුයේ
මෙකි තාරුණ්‍යයයේ
අනාගතය කොතනටද යන්න
සිතීමෙනි....

මා තවත් කරුණක්
මනාව තේරුම් ගතිමි....
වත්මන හය හතර
නොදත් පොඩි උන්
වේදිකාව මතට වී
"චපල හිමිගේ සිරියහනේ "
"රැවටෙන්නද මන්...."
"එහෙම කලොත් ඔබ කියාවි"
"මෝඩ ගෑණි මන්"
කියා ගයන විට
මෙවැනි සිදුවීම් අනාගතයේ
අරුමයක් නොවන වග....

Wednesday, December 4, 2013

ගින්දර බැඳීම....

සීතල දුරලන්නට
සහය වන නිසාවෙන්...
මහත් වූ අසාවෙන්
ලන්කරගත්තද....
වඩාත් සමීප වූ විට
සමීප සියල්ලම
දවාලයි අකම්පිතව.....
බැඳීම් ද මෙලෙසමය...
අසාවෙන් ඇතිකරගත්තද,
නිවැරදිව තේරුම් නොගෙන
සිමාව ඉක්මවූ විට......
අසීමිත දුකකට
නිතැතින්ම පත්වන්නේය.....


සංසාරේ අපි...?

පුද්ගලයන් දෙදෙනෙක්
නිවෙස් දෙකක්
ගනී බදු පදනමින්.....
එකෙකු කති, බොති,
සුවසේ නිදති...
වියදම පමණකි....
මුදල් ඉක්මනින්ම
අවසන් වන ඔහුට
මහමග උරුම වෙයි.....
අනෙකා වෙහෙසෙති
උපයති, ඉතුරු කරති.....
එනිසාවෙන්ම ඔහු
වත්මනට මෙන්ම
අනාගතයටද
පොහොසතෙකි.....
මන්ද ඔහු
නුදුරේදී නිතැතින්ම
පෙරටත් වඩා සැපවත්
නිවහනක් කරා යන්නේය....
නමුත් අනෙකා
මහ පාරේය...
හිතන්න...
මේක තමයි ජීවිතය...
සසරේ සැරිසරන ගමන්
බද්දට ගත්තු ශරීරයක්...
අපි මොනවද මේ කරන්නේ....?
අපි යන්නේ කොතැනටද....?

අවසන අපි...

පාට කන්නාඩියෙන් බලා
සුදෝ සුදින් බැබලෙමින්......
ලෝකයට පෙනෙන්ට
ජිවත් වන මිනිසුනේ......
බලන් නිරුවත් දෑසින්.......
දහසක් දේ පොදි ගහන්
සිටියමුත්  අවසන.......
හිස් අතින්ම නික්මෙන
පුදුමාකාර ජීවිතයක අපුරුව....

හිතේ බර..

අවංක උනාම
යාළුවෝ වැඩියි......
යාළුවෝ අතරේ
අවංක යාළුවෝ
හරි අඩුයි......
එඋන් ඉදිරියේ
විවෘත්ත වැඩියි.....
විවෘත්ත වැඩි නිසා
කියවනවා වැඩියි.....
කියවනවා වැඩි නිසා
බොරු කාරයෙක් කියල
හිතන අය වැඩියි....
ඒ උනාට මට නම්
හැමදේම කියන නිසා
හිතේ බර අඩුයි....



Friday, November 29, 2013

මට උන දේ....

අතීතයේ දරදඬු මා
ඇසුරු කල උන්
මා සංවේදී කළේය....
එකී සංවේදිත්වය
වත්මනේදී මා
දුකට පත් කරයි....
මන්ද,
පෙර දින වල
මා තුල නොවූ සිතුවිලි
දැන් සිත තුල
පහල වෙයි....
මා ගැන පමණක්
සිතු මම
දැන් මටත් වඩා
අනුන් ගැන සිතයි....

බැඳීම

වැඩිවන තරමට
දුක වැඩිවන......
අඩුවන තරමට
දුක අඩුවන.........
බව දන දැනත්
වැඩිකරගන්නටම
උත්සහ දරන....
අරුම පුදුම
දෙයක් වෙති....

දෙවිවරු නොමැරෙත්....



රට ජාතිය වෙනුවෙන් උතුම් කැපවීමක් කල ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ තවත් අමරණීය චරිතයක්,..ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ,.Lieutenant Colonel JAL Jayasinghe WWV, SF
ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්‍රම විබුෂණ වීරක්ක්‍රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්‍,
උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය,..
1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වුන ඔහු සිය ස්ව කැමැත්තෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායට එක විය . ,තවද ඒ සදහා පවතී විශේෂ පුහුණුවේදී 600ක් දෙන අතරින් හොදම වෙඩික්කරු ලෙස සම්මාන ලැබීය,.2000 වසරේදී නොනවතින රැල්ල ක්‍රියාන්විතයේදී මෝටාර් කැල්ලක් වැදීමෙන් තුවාල ලද ලලිත් සුව වූ විගස යලිත් රණබිමට එක් විය,

විශේස ක්‍රියාන්විතවලට සහබාගි වීමේ ඔහු තුල තිබු අභීත හැකියාව නිසා ඔහු 3 වන විශේෂ බලකායට හෙවත් විශේෂ බලකා දිග දුර විහිදුම් බලකායට බදුනේය.( LLRP )

ඔහුගේ නායකත්වයෙන් සාර්ථක වූ විශේෂ ක්‍රියාන්විත බොහොමයකි ,ඒ අතරින් LTTE ගුවන් බලකායේ ප්‍රධානි air wig ශංකර්,මුහුදු කොටි බලකායේ දෙවනිය වූ කන්ගෙයි අමරන්,සන්නද්ද බුද්ධි නායක චාර්ල්ස් යන ඉහල පෙලේ කොටි නායකන් කොටි පාලන ප්‍රදේශ තුලදීම මරා දැමීමේ මෙහෙයුම්වල නායකත්ව දී ඇත්තේ ලුතිනන් කර්නල් ලලිත් ජයසින්හය.

2008 නොවැම්බර් 18 එවකට මේජර්ව සිටි(major )ලලිත් ජයසිංහගේ නායකත්වයෙන් යුත් විශේෂ බලකා සෙබළුන් 8 ක් ලලිත් සමග ඔඩ්ඩුසුඩාන් කොටි කටට ඇතුළු විය,කොටි පාලන ප්‍රදේශයේ 28km කට වැඩි බුහිසුනු දුරක් ඇතුලට රිංගුවේය,
කොටින්ගේ මහා වීර දිනවලට යන කොටි නායකයෙක්එවකට මේජර්ව සිටි(major )ලලිත් ජයසිංහගේ කණ්ඩායමේ ඇතුළු කණ්ඩායමේ ඉලක්කය විය.
ඉතා විශ්වසනීය ලෙස තමන්ට ලබා දුන් ඉලක්කය තමන් සතුව ඇති අභීත හැකියාව හා අත්දැකීම් සම්බාරයත් සමග ලබා ගැනීමට මෙම අභීත රණවිරුවා පසුබට නොවීය.
මහා වීර දිනයට ගමන් කරන කොටි ආරක්ෂක වාහන පෙළක් සමගින් ඉතා සුපොගබෝගී කැබ් රථ පෙළක් ලලිත්ගේ නෙත ගැටුණි,ලලිත් ඇතුළු කණ්ඩායම ඒ අවස්ථාවේදී රථ පෙළ ඉලක්ක කරගන තම මෙහෙයුම දියත් කලෝය.
ලලිත් ඇතුළු කණ්ඩායමේ වෙඩි වරුසා මැද කොටි බලකායද ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විය.

කොටි රථපෙලට එල්ල කල ප්‍රහාරයත් සමග කොටි 40 ක් පමණ කණ්ඩායමක් ප්‍රදේශය පීර පීරා විරෝදාර ලලිත් ජයසිංහ ඇතුළු කණ්ඩායම සොයා සෝදිසි කරන්නට විය.
කොටි අඩවියේ ගස් ගල් පවා හොදින් අදුරන ලලිත් අතුල පිරිසට එම ප්‍රදේශයෙන් පැන ගත හැකි වුයේ ඔවුන් තුල තිබු විශේෂ හැකියාව නිසාය.
එත් සිද්දිය වූ ස්ථානයෙන් 3 km පමණ පසුපසදී යලිත් විරෝදාර ලලිත් ජයසිංහගේ කණ්ඩායම හා කොටි සහයක බල අනි සමග යලිත් ගැටුමක් ඇති විය.
එත් ලලිත් අතුල අභීත කණ්ඩායමට මුහුණ දෙමට කොටින්ට නොහැකි විය.එත් සීමිත ප්‍රදේශය පුරා කොටි කණ්ඩායම් විසිර සිටීම නිසා ලලිත් ඇතුළු කණ්ඩායමට පීඩනය වැඩි විය.
එත් එයටද නොබියව ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී මෙම අභීත ලලිත් ජයසිංහ විරුවාගේ වම් පාදයට වෙඩි වැදී තුවාල ලදහ. මේ සමගම තවත් තුවාල ලද සගයෙක් සමග ලලිත් ඇතුළු කණ්ඩායම පසු බසින්නට විය.

දින 9 ක් තිස්සෙම වතුර පිරුන ප්‍රදේශවල හමුදා සපත්තු පලද සිටීම නිසා අභීත සෙන්පති ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.
අතර මග නැවත වරක් කොටි කණ්ඩයක් සමග ඇති වූ දරුණු ගැටුමකදී පපුවට වැදුණු වෙඩි පහරක් නිසා මෙම අභීත රණවිරුවාට දැයෙන් සමු ගන්නට සිදු විය.

ඒ වනවිට අභීත සෙන්පති ලලිත් ලගදී විවාහ වී සිටි සැමියෙකි.තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි.

ඔහුට රණබිමේ ක්‍රියාන්විතවල යෙදී සිදිද්දී තම පවුල,තම ආදරණිය බිරිද,තව ටික කලකින් මෙලොව එලිය දැකීමට නියමිත තම කිරිකැටි දියණිය මතක් වූ අවස්ථා බොහොමයක් තිබෙන්නට ඇත,එහෙත් මෙම උත්තම පුරුෂය සැමවිටම තම සියලු දේවල් කැප කලේ තම උත්තරීතර මාතෘ භූමියයි උදෙසායි...ඔහු සැමවිටම සැමදේටම වඩා උතුම් කොට සැලකුවේ තම මාතෘ භූමියයි,


මෙවන් කැපකිරීමක් කල මේ උත්තම පුරුෂයා තම මවුබිමෙන් පැතුවේ මිල මුදල් මුතු මැණික් නොවේ,තමන් උපන් උපන් බුමියේ ජනතාවගේ උත්තරීතර නිදහසයි. ඔහු පැතුවේ කුරිරු ත්‍රස්තවාදය අතු ගා දමා මේ රටට උත්තරීතර නිදහස ගෙන ඒමයි.
උපන් බිම ස්වර්ග රාජ්ජයට වඩා උතුම් බව සලකු මෙමෙ අබීත විරුවා මු බිම වෙනුවෙන් දිවි පුද කලේ එබැවිනි. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ,.Lieutenant Colonel JAL Jayasinghe WWV, SF තම හමුදා රාජකාරි දිවියේදී මෙන්ම තම පෞද්ගලික ජීවිතයේදීත් උදාර උතුම් සොදුරු නිහතමානී ශ්‍රේෂ්ට චරිතයකි,.. සැබවින්ම ඔහු රට ජාතිය වෙනුවෙන් මිනිසත්කම අබිබවා ගිය දෙවි කෙනෙකි,..

මෙවැනි උතුම් ශ්‍රේෂ්ට විරුවෙක් රට ජාතියට දායාද කල ජයසිංහ මෑණියනි, පියතුමනි ඔබ දෙපලට පින්!
ශ්‍රේෂ්ට උත්තම ලලිත් ජයසිංහගේ ආදරණිය බිරිදට ,ඔහුගේ කිරිකැටි දියණියට දෙවි පිහිටයි!!ලලිත් ජයසිංහ පවුලේ සැමටත් ජාතියේ උත්තමාචාරය!!ඔවුන් සැමට දෙවි පිහිටයි!!!

.
මෙවැනි සුවහසක් විරුවන් කල කැපකිරීම්වලින් මේ මාතෘ භුමිය රුදුරු ත්‍රස්තවාදයෙන් රැකුනි,..
මෙවැනි වීරයන් කල කැපකිරීම අද වනවිට බොහෝ දෙනෙක්ට අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි..!

( රාජිත වික්‍රමාරච්චි සහෝදරයා විසින් ලියන ලද්දකි..)

Saturday, November 23, 2013

යහළුවන් ගණන...

වැඩි විය,
ඔවුන්ට අසීමිතව
උදවු කරන නිසා.......
තවත් වැඩි විය,
ඔවුන්ට අසීමිතව
පරිත්‍යාග කරන නිසා.......
තවත් වැඩි විය,
ඔවුන්ට අසීමිතව
රැකවරණයක් දෙමින්
සහෝදරත්වයෙන් සලකන නිසා.....
තවත් වැඩි වුවා මෙන්ම,
පිරිසක් අඩු විය,
ඇති නැති හා කුල බේද
පිටුදැකි නිසා මෙන්ම
හරි වැරදි නොපමාව
පෙන්වා දුන් නිසා............
විශාල පිරිසක් අඩු විය...........
පෙර කි ලක්ෂණ
හරියට තේරුම්
නොගැනීම නිසා.......

සහෝදරත්වය...

අකලට හමාගිය
දරුණු කුණාටුවකට.............
රුවල ඉරිගොස්
එක් කුඹගසක්
බිඳී වැටුණි මහ මුහුදට.............
ඵලක් නැතිබව
දැන දැනත්.............
නිදි වරා සෙවුවෙමි
මගේ ජිවින නැවට අහිමි
අමිල වූ කුඹගස.............
සුළං ප්‍රවාහයන් දෙකක්
සමාන්තරව විත්
අසීමිත උත්සාහයක
මා ඉදිරියට ගෙන යන්න............
අනෙක් කුඹගසේ වාරුවෙන්
යමි මා සෙමින් ඉදිරියට
අහිමි දෙය ගැන සිතමින්.......
හමුවිය.............,
සම්පුර්ණ නැවක්
අසරණ මා ඇදන් යන්නට
සහෝදරත්වයේ
කුඹගසක් සහිතව............
මට උදවු දෙන
මෙකි අන්සතු කුඹගසට
මට අහිමි කුඹගසට මෙන්
ආදරයෙන් සැලකිය
හැකිවේද මට......

Thursday, November 21, 2013

පීතෘත්වය...

දිනක් ඇසුරුකොට
මට තේරුම් ගිය විදියට.....
ජීවිතය නිවැරදිව දැක
දරුවන් මනා ලෙස රකින.......
සිනහවෙන් ජිවත් වන
ඕන තැනකට ගැලපෙන
විවෘත්තව වචන එන.......
ඔහු සරල මිනිසෙකි
රටේ නිතිය රකින......

විවේකය උකසට තබා
අය වැය ගැන සිතමින්.......
හර බැර අතර අතරමන්ව
ලොවට හොරෙන්
නිහඬව දරුවන් රකින.......
හදවතින් විලාප නැගුවද
පිටට නොඇසෙන
දාරක සෙනෙහසත් සමගින්
ඒකාකාරීව දිවි ගෙවන.......
විටෙක දිනකට කටහඬ
දෙසවනට නොඇසෙන.......
ඔහුද සංකීර්ණ මිනිසෙකි
වෘත්තියෙන් වූ ව්‍යාපාරික.......

මෙකි දෙදෙනාම එකම
තුලාවක තැබූ විට
නිතැතින්ම එය සමබරය.......
මන්ද, මෙකී දෙදෙනා තුලම
අසීමිත ලෙස ජනිත  වන
උතුම් වූ පීතෘත්වය
සමගින් වූ බලාපොරොත්තු
එකිනෙකට සමානය.......
අසමසමය.......

මෙය විටක කෙනෙකුට
විෂම ලෙස පෙනෙනුයේ.......
ඔවුන් විසින් තම දරුවන්ට
පිතෘත්වය පෙන්වන
ආකාරය සහ
එකී දරුවන් ද එය
දකින ස්වරුපය මෙන්ම.......
තමන් දුටු දෙය
අවබෝධ කරගන්නා
ආකාරයත්.......
අවබෝධ වූ  දෙයට
දරුවන් තුල පවතින
කැමැත්ත හෝ අකමැත්ත අනුවය.......

බලාපොරොත්තුව....

සතුට බෙදා ගන්නට
දුක මකා ගන්නට
ගැටළු විසඳා ගන්නට
සිතැඟි දේ කියන්නට
කියන දේ අසන්නට
ජීවිතය විඳවන්නට
නොදී විඳින්නට
අවංකව හදවතට
ලං වෙලා හැමදාට
එකතුව වසන්නට
නැවුම් ආදරයකට
කෙනෙකු ඉක්මනට
හමු උනොත් හොඳ යයි
හිතුන අද මට....

Sunday, November 17, 2013

ගල් වඩුවා....

අද මට ඇසුන අත්තනායක එම් හේරත් මහතා කියූ කතාවක් කෙටි කරලා ලියන්න හිතුන....

               එක්තරා ගමක ගල් වඩුවෙක් හිටියා. දවසක් මේ ගල් වඩුවා දකිනවා පොහොසත් පුද්ගලයෙක් ගමනක් යනවා. ඔහු වටා මිනිසුන් එකතුවෙලා යන ආකාරය. ඉතින් මේ ගල් වඩුවා තමන්ගේ ඉෂ්ටදේවතාවාට කියනවා මාව පොහොසතෙකු කරන්න කියලා. මොකද ඔහු ඒ වෙලාවේ දකින්නේ දැනට ඉන්න බලවත්ම පුද්ගලයා වීමට නම් පොහොසතකු විය යුතුය කියල. එකෙනෙහිම මේ ගල් වඩුවා පොහොසතෙකු වෙනවා.
               දැන් ඔහු පොහොසතෙකු ලෙස  ඉදිරියට යනවිට  ඔහුව පසු කරගෙන දේශපාලකයෙකු යනවා. දේශපාලකයා වටා පොහොසතාට වැඩියෙන් මිනිසුන් ඒකරාශිව යන බව ඔහුට පේනවා. දැන් ඔහුට ධනවතාට වඩා දේශපාලකයා බලවත්ව පෙනෙන නිසා තම දේවතාවාගෙන් ඉල්ලනවා තමා දේශපාලකයෙකු කරනා ලෙස. එම ඉල්ලීමද ඉෂ්ට වෙනවා. 
                දැන් ඔහු දේශපාලකයෙකු ලෙස ඉදිරියට යනවා. දැන් ඔහුට පේනවා දේශපාලකයා ඡන්දදායකයන් හමුවෙලා ඉන්න ආකාරය. ඔහුට හිතෙනවා දේශපාලකයට වඩා ඡන්දදායකයා බලවත් බව. එමනිසා ඔහු නැවත තම දේවතාවාගෙන් ඉල්ලා සිටිනවා තමා සාමාන්‍ය වැසියෙකු කරන හැටියට. එම ඉල්ලීමත් ක්ෂණිකවම ඉෂ්ට වෙනවා.
                නැවත සාමාන්‍ය වැසියෙකු වූ මේ ගල් වඩුවා ජිවත් වීම සඳහා ගොවිතැන් කරනවා.  ඔහු එම ගොවිතැනේදී අව් රශ්මියෙන් පිඩා විඳි නිසා හා වගාවන්ට හිරු එලිය අවශ්‍යයයි කියා ඔහුට තේරුම් යනවා. දැන් ඔහු සිතනවා දැන් වඩා ප්‍රභල වන්නේ සුර්යයා  කියා. එම නිසා ඔහු දේවතාවාගෙන් නැවත ඉල්ලනවා තමන් සුර්යයා කරන හැටියට. එම ඉල්ලීමද ක්ෂණිකවම ඉටු වෙනවා.
                සුර්යයා වි  ටික වෙලාවකින් වලාකුලක් විත් සුර්යයා වැසි යනවා. එවිට ඔහු සිතනවා නැවත වරක් සුර්යයාට වඩා වලාකුළු බලවත් බව. එමනිසා තමා වලාකුලක්  කරන ලෙස දේවතාවාගෙන් ඉල්ලා සිටිනවා. එම ඉල්ලීමද ඉෂ්ට වෙනවා. 
                මෙසේ කාලය ගෙවී යන අතරතුර සුළඟක් විත් වලාකුළ තල්ලුකරගෙන යනවා. දැන් වලාකුලට වඩා සුළඟ බලවත්. එමනිසාවෙන්ම ඔහු නැවත වරක් ඉල්ලා සිටිනවා දේවතාවාගෙන් තමා සුළඟක් බවට පත් කරන්න කියා. එයද කියූ පමණින්ම ඉටු වෙනවා.
                එසේ හමාගෙන යන විට ඔහුට විශාල ගල්පර්වතයක් හමුවෙනවා. එය මේ සුළඟට නොසෙල්විම නිසා ඔහු හිතනවා සුළගට වඩා ගල් පර්වතය බලවත් එමනිසා මා ගල් පර්වතයක් කරන්න යයි නැවතත් ඉෂ්ටදේවතාවාගෙන් ඉල්ලා සිටිනවා. එයද ඉටු වෙනවා. දැන් ඔහු ගල් පර්වතයක් විලස ඉන්නවා. 
                ටික වෙලාවක් යන විට ඔහුට පුරුදු ශබ්දයක් ඇහෙනවා. ඔහු වටපිට බලනවා. ඔහු දකිනවා තමන් සුලඟක්ව හමන විට නොසෙල්වුණු ගල, ගල් වඩුවකු විත් කැබලි කරනවා. 
                 දැන් ඔහුට තේරුම් යනවා ගල් පර්වතයට වැඩිය ගල් වඩුවා බලවත් කියා. ඉන්පසු ඔහු නැවතත් තම දේවතාව ගෙන් ඉල්ලා සිටිනවා තමා නැවත ගල් වඩුවකුම කරනා ලෙස.

----මේ කතාවෙන් ඔබේත් මගෙත්  ජිවිතයට ගත යුතු දෙය මම අමුතුවෙන් ලියන්න ඕන නෑ  නේ..., කොච්චර ආශාවන් නිසා සිහින ලෝක වලට ගියත් අන්තිමට සැබෑ ලෝකෙට මුහුණ දෙන්න වෙනවා... -----
තෙරුවන් සරණයි..!!!!!               
              

දුක...

නොයෙක් ලෙසින් ඉපද ඉපද
සසරේ සැරිසරා ගියෙමි.........
මේ හැම දුක් හදන කෙනා
දුක් විඳ විඳ සොයා ගියෙමි........
යලි යලි උපතක් ලැබීම
ලොවේ දුකක්මය තිබීම......
මේ හැම දුක් හදනා නුඹ
දැන හඳුනා ගත්තෙමි මම්.....
අයෙත් නම් මෙවැනි දුකක්
නුඹට සදාලනු නොහැකිය......
නුඹේ සියලු පරාලයන්
ගෙයි මුදුනේ කැණීමඩලද.......
කිසිදා ගත නොහැකි පරිදි
හැම ලෙස විසුරා දැමුවෙමි....
විසන්කාර ගත විය සිත
හැම තණ්හා නැති වුනේය.....

(උපුටා ගැනීමකි)

Saturday, November 16, 2013

ගුරු මව්නි.. ඔබට නිවන් සුව...!!!!!


නිතරම හිඳ ගුණ ගරුකව...
ඔබ විය අපේ ගුරු මව...
පතනෙමි අපි අද එකතුව...
මව්නි ඔබහට නිවන් සුව....

ආදරය...

අසීමිත බෝනස් 
සමඟින් අවම වූ 
ගාස්තුවකට ලැබෙනා
වැඩිම ප්‍රතිලාභ මතින්...... 
යෞවනය විකිනෙන
දුරකථන ජාල අතර
වත්මනේදී ආදරය 
හරිම ලාබය.....
මෙකී සරල ආදරයේ
සන්කිර්ණත්වය 
දැකීමට නම් ඔබට 
නිවැරදි වූ දැක්මක් 
තිබිය යුතුමය.......
බැඳීම් ක්ෂණිකව
ඇතිකරගත්තවුන්
පසුකාලීනව දැඩිසේ
පසුතැවෙනු දුටු විට
දෙයක් කිව යුතුමය......
බැඳීම් යනු 
ඇතිකරගන්නට මෙන්ම
නැතිකරගන්නටත්..........
හදිසි නොවිය යුතු
දෙයක් වන වගත්..........
ආදරය සම වනුයේ
අසීමිතව සිදුවන
සොයාබැලීමකට හා
රැකබලාගැනීමකට 
මෙන්ම උත්තම වූ 
පුජාවකට යන වගත්ය.......
එනිසාවෙන් ඔබ 
උගත යුත්තේ
යහපත් බැඳීම් කැටි වූ 
ආදරයක් තුල 
අර්ථවත් ලෙස 
ජිවත් වීමටය..........

මම........

මට හිතෙන විදියට
මටත් නොදැනීමම
මගේ ඇවිලුනු සිත
මහා වාලුකාවක
මංමුලා වි ඇති සේය....
මරණය දැක දැකත්
මට අයිති නැති වූ
මිරිඟුවක් මා සනසන
මගේ මෙන් හඹා යන
මා නිතර පතනුයේ.......
මිරිඟු දියට පැන
මගේ සිත දවන ගිනි
මකා දැමුමට සදහට....

Friday, November 15, 2013

තනිකම...

කටුකයි කියා සිතුව
සය මසක  කාලය.........
බලන් ප්‍රිය  සබඳ
සොඳුරුතම  ලෙසින් විත්........
ක්ෂණිකවම ක්ෂය  වී
ගියපු අරුමය......
සිනහව සපිරුණු 
පන්තිකාමරය හැර දමා........
අපිට අපගෙන්
වෙන්ව යන්නට 
සිදු  වූ නිසාවෙන්........ 
පෙර තිබු තනිකම
සමගින්ම පාලුව....
දෙගුන තෙගුනව 
දැන් හිතට දැනෙනුයේ....
මගේ මුළු ජීවිතයම
එහි වූ ලබැඳියන්
පිරිසක් අතරේ ........
ආදරයෙන් බෙදාගත් 
බැවින් විය යුතුය....


Thursday, November 14, 2013

ජිවිතයට පොත පතින්.....

ඔබ තනිව සිටින විට
සිතුවිලි පාලනය කරගන්න.....
අන් අය සමඟ සිටින විට
වචන පාලනය කරගන්න.....

වියෝව........

Wednesday, November 13, 2013

කඳුළු පාලනය...

අදයි දුක්බර  දිනය.....
නයිටාවෙන් නික්මෙන
මුළුල්ලේ සයමසක්
සිටි මුත් එකම එක
පවුලක් විලස හිනැහෙන....
අද දිනෙන් පසුවට
නොවේ පෙර මෙන්
අපිට අප හමුවන
සොඳුරුතම නිවහනක්......
අනාගත ජීවිතය
සාර්ථක වන්නට.....
ලබැඳියන් හට අවසන
මා සුභපතන විට.........
අසමත් වූ  නිසාවෙන්
දුරු කරගැනුමට
සිත් මලට දැනුන දුක.....
නිසාවෙන් නෙතු අගට
නැගෙන්නට වූ සැනින්.....
අතින් පිසදා සිනාසී
පාලනය කලෙමි
කඳුළු කැට....

පසුව වැටහීම...

හදවතට දැනුන
දුක නිසා ලියවුන
දිගු වචන පෙළ
ඉවත් කලෙමි...
මන්ද
ඇයගේ මට්ටමට
මමත් පහතට
වැටිය යුතු නොවන 
බවට තේරුම්
ගිය නිසාවෙන්....
 

Sunday, November 10, 2013

පුදුමය නම් ...

දුම් බොමින්
පැමිණි අයෙකු.....
විස රසායනිකයක්
ඇති බව පවසමින්.....
කිරිපිටි පැකට්ටුවක්
ප්‍රතික්ෂේප කිරීමයි......

Saturday, November 9, 2013

දවසක් පල නැති හේනේ....

         දවසක් පැල නැති හේනේ 
         අකාල මහ වැහි වැස්සා
         තුරුලේ හංගාගෙන මා
         ඔබ තෙමුණා අම්මේ
         පායන තුරු හිටි පියවර
         හිටියා ඔබ අම්මේ

         නුවර වීදි යට කරගෙන
         නින්දා වැහි වැගිරුණදා
         බිරිඳකගේ සෙනෙහෙ ගියා
         යෝධ ඇළේ නැම්මේ
         ඔබ සෙනෙහස සුවඳ දිදී
         දැනුණා මට අම්මේ 
   
         කොළඹ අහස කළු කරගෙන
         මුහුදු හුළඟ හඬලනකොට
         ඔටුන්න බිම දා දුවගෙන
         එන්නද එක පිම්මේ
         මං එනතුරු හිඳිකඩ ළඟ
         ඉන්නවාද අම්මේ

                                    මේ ගීතය බැලු බැල්මට තේරුම් ගත හැකි අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් සැඟවුණු  ගීතයක්... මෙසේ කියන්නට සිත් වුයේ මෙකී ගීතය අතීතයේ කොතෙකුත් ඇසී තිබුනද අර්ථය දැනගත්තේ වර්තමාන කාලය තුලදී වීමයි. ගුණදාස කපුගේ ශුරින් විසින් ගයනා මෙම ගීතයේ පබැඳුම කෙළේ අධි නිතීඥ රන්බණ්ඩා සෙනවිරත්නයන්ය. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ "අමුම අමු ගැමියෙකු" ලෙසින් තමන්වම හඳුන්වාගත් අයෙකු ලෙස හදුනාගත හැකි  අතර, දුගී බවේ පතුලේ සිටම පොහොසත් බවේ හා ගීත රචනය තුලින් එකල ජනප්‍රියත්වයේ මුදුනටම පැමිණි අයෙකු ලෙස හැඳින්වේ. තම ජිවිත අත්දැකීම මත පදනම් වූ මෙම ගීතයේ අර්ථය ගැන අපි බලමු...
            
               පළමුව මෙහි  "පැළ නැති හේන" යනුවෙන් අදහස් කර ඇත්තේ තම පියා අහිමි වූ නිවසයි. මෙකි නිවස තුල තිබු දුප්පත් කම, පියෙකු,ස්වාමියෙකු  නැති අඩුව "අකාල මහ වැහි " යනුවෙන් අරුත් දක්වන අතර "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ " යනුවෙන් අදහස් කරන්නේ ඒ සියළු වැසි වලට අම්මා හොඳටම තෙමුනද පුතාව තෙමෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමයි. ඇයට තම ස්වාමියා නැති අඩුව කොතෙකුත් දැනුනද, අග හිඟ කම් කොතෙකුත් මතු වුවද ඇය වෙනත් ස්වාමියෙකු පැතුවේ නැත. ගැටළු වලින් පලා ගියේ නැත. මේ සියලු වැසි වලට තෙමෙන්නට නොදී තම දරුවාට ඉගැන්වූ මේකී අම්මා එම වැස්ස පායන තුරුම එනම් දුප්පත් කම දුරුව තම පුතා හොඳ උගතෙක් වන තුරුම මේ අම්මා එක ස්ථාවරයක සිටීමට තමයි " පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.." කියල කියවෙන්නේ...

             දැන් ඔහු හොඳ උගතෙක් වෙලා ගමේ ඉඳන් කොළඹ නගරෙට එනවා. ඔහු විවාහ වෙනවා. නමුත් ඔහු විවාහ උන බිරිඳ ඔහුව අතහැරලා දාල යන්න යනවා. බිරිඳ ඔහුව අතහැරලා ගිය නිසා ඔහුට සමාජයෙන්  එන නින්දා අපහස වලට ලක් වෙන්න වෙනවා. එය තමයි "නුවර විදී යටකරගෙන නින්දා වැහි වැගිරුන දා" කියල කියවෙනේ. ඔහු පලවෙනි වැස්සෙන් අම්මා නිසා බේරුන නමුත් ඔහු දෙවැනි වරට වැටුණු නින්දා වැස්සට හොඳටම තෙමෙනවා, තවදුරටත් ඔහු "බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ " කිවුවේ යෝධ ඇලේ බෑවුම සැතපුමකට අඟලක් වග සැම දෙනාම දන්නා කරුණක්. එම නිසා වතුර ගලනවද කියල හරියට පෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ  බිරිඳගේ සෙනෙහසත් පෙන්නේ නැතුව අඩු වෙලා ගිය නිසා. ඒ වෙලාවේ ඔහුට අතීතයේ අම්මගන් ලැබුණු  සෙනෙහස,රැකවරණය මතක් වුනා." ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ.." යන්නෙන් කියවෙන්නේ එයයි.

            "කොළඹ අහස කළු කරගෙන, මුදු හුළඟ අඬලනකොට" යනුවෙන් කියන්නේ ඔහුට තේරුම් යනවා පරිසරයේ සිදුවන වෙනස්වීම් එක්කම තවත් වැස්සක් ලඟම එනබව. ඔහු වැහි දෙකකටම හසු උනා. පලවෙනි වැස්සට නම් නොතෙමි යන්තම් අම්ම නිසා බේරුනත් දෙවැනි වැස්සට හොඳටම තෙමුනා. එත් තුන් වැනි වැස්සට තෙමෙන්න පෙර  " ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ", "මං එනතුරු හිඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ" කියල ඔහු අම්මගෙන් අහන්නේ ඔහුට තුන්වෙනි වැස්සටත් තෙමෙන්න බැරි නිසා මේ සියලු තානාන්තර පට්ටම් ("ඔටුන්න") විසිකරලා ඉක්මනින්ම ආයිත් අම්ම ලඟට එන්නද  කියලයි. මන්ද කුමන තනතුරු තානාන්තර තිබ්බත් වැඩක් නෑ අම්මා තරම් වෙන කවුරුවත් ඔහුට ආදරය, කරුණාව, රැකවරණය ලබා නොදෙන බව ඔහුට තේරුම් ගිය  නිසාවෙනි....

(නමුත් මෙකි ගීය ඔහු අතින් ලියවෙන විට ඔහුගේ මව ජිවතුන් අතර සිටියේ නැත....)

Friday, November 8, 2013

ජීවිතය....

හරියටම නිල්වලා
ගංගාව මෙනි ගලන..........
මාතර පාලමෙන්
බලනු මැන එබී.....
ගලනවාද නැද්ද
යන්න නොපෙනෙන්නේය....
නමුත්........
මොරවකින් ගඟ 
ගලනවා හරි ලස්සනට
පෙන කැටි ජනිත කරමින්.....
මන්ද ප්‍රිය සබඳ...........
භාදක, ගල්පර
ඇත්තේ වැඩිපුරම
එකී පෙදෙසේ
වන නිසාවෙනි......
ගැටුම් වැඩි තරමට
නදියේ ඇති ලස්සන
නොඅඩුව වැඩෙනා සේම.......
අමතක නොකරනු මෙකරුණ
දෙතැනින් වෙනස්වී පෙනුනද
මේ එකම ගඟ බව.........
තවද මෙම ගංගාව
ඉහතදී මුණගැසුණු.........
සියලු භාදක
පරයමින් විත්........
නිසොල්මන්වම
මහ සයුර වැළඳගන්නා බව......

මනුස්සකම...


ඔවු...

Wednesday, November 6, 2013

පා ගමන

මහා ලොකුවට
කෑ ගසාගෙන...
පා ගමනක් ගියෙමු...
බොන්නට දියබිඳක්..
කුසට අහරක් නොමැතිව...
අඳුරු කණ්ණාඩියට
හසු නොවුණු
අපේ දා බිඳු
අවසානය තෙක්
ගිනියම් වූ තාර
පාරේ ගැටී වාෂ්ප වුවද..
සංවිදායක ලොක්කන්ට
වගේ වගක් නැත..
අප ඔළුගෙඩි
පෙන්වා අවසන්ය..
තම මහ එකා හට..
දනී ඒකාන්තයෙන්ම...
තම සාක්කුව පිරෙනා
වග...

මම

වත්මන් දිවිය තනිකඩ...,
උපරිමව ඇත ඉවසීම.....,
ප්‍රථමව තබා මනුදම....
මව් මෙන් රකින ආගම....,
පිය මෙන් රකින ජාතිය....,
දෙවැනි මව් තුමිය
වේය මට රාහුලය.....
සැමට කරුණාබර.....,
හදවත නිතර පින් බර ....,
ජීවිතය වේය අරුත්බර.....

ඔවදනක්....

ජිවිතයේ කිසි දිනක..
තවෙකෙකුගේ ජීවිතයකට...
ඔවදනක් එක් කිරීමට
පෙර දෙවරක් සිතීමට
තීරණය කලෙමි...
මන්ද
එය මට
වරදක්  ලෙස
පෙනුනද
අනෙකාට එසේ
නොවන නිසාත් .......
අනෙකාගේ ප්‍රතික්‍රියාව
මා හට කලින්
හඳුනාගත
නොහැකි නිසාත්....

සටන.....

අම්මට බෝධි පුජාව
සමගින් පන්සලත්.....,
තාත්තට දේශපාලනේ
සමගින් රටේ ප්‍රශ්නත්.......,
අක්කට රටේ නැති
ආලේපන වර්ග
සමගින් මනාලියනුත්.......,
එකම ටීවී එකේ
බලන්න ඕන උනාම
නංගියා ඇවිත්..........,
එකෙන් බලාගෙන
කෑමක් හදන්නට........,
සාලේ මැදින් යන විට.........,
පෙනේ ඔබමොබ
වේගයෙන් පාවෙන.......,
ගැස්සිලි පිප්පිලි
සමගින් රැවුම් ගෙරවුම්......,
මේ මුලපුරන්නේ
මහා ලොකු සටනකට........,
පුංචිම මුන්චි රිමෝටයේ 
තාවකාලිකවූ
අයිතිය වෙනුවෙන්.......,

වැඩක්ම නෑ මගෙන්....

සිතමි,. සිතමි., සිතමි............
නයිටාවේ කෙනෙක්
අද මට කියූ දෙයක්.....,
පන්තියේ හිටපු හොඳම
ළමයලු ඒ කාලේ මං.............,
එත් දැන්  නම්
ගන්නම දෙයක්
නෑ ලූ මගෙන්........,
ඔවු.....
නිතර හඬමින්
දැවෙන හද මඩලට.....,
සිනහවේ පිනි පොකුරු
තාවකාලිකව හෝ
ඉසගන්නට
වෙර දරන මගෙන්........,
ගන්නට දෙයක් නැත
වත්මනේදී කාටවත් .....,
කෙසේ පැහැදිලි
කරදෙම්ද ඇය හට
මෙම කරුණ......,
වැඩිපුරම සිනහා
වෙන්නට කැමති
බොහෝ උන්...
හදවතින් ඉකිගසා
නිතර හඬනා වග.......
දුක්බර අතීතයකින්
ගැලවීමට වෙර දරන වග......

Sunday, October 27, 2013

නිවන් සුවෙන් සැනසේවා ගුරු මෑණියනි.....

රාහුලයෙන් සමුගත් අමිල ගුරු තරුව.... "ජිනේන්ද්‍රා රණසිංහ" ගුරු මෑණියනි,
ඔබට නිවන් සුව....


ආදරයද?

දරදඬු සිතක්
සිනහවක් නොවූ
දෙතොලක්..
උරුම කරගත් මට
අනාරාධිත ඔබ විත්
සිනහ වෙන්නට මට
නිතර කලා වූ ඇරයුමට
කලාතුරකින් ප්‍රතිචාර
දැක්වූ මම
ඔබේ ඇරයුම නිසාවෙන්
මටත් හොරෙන්
සියුම් පරිවර්තනයකට
ලක් වී ඇති බව
මට දැනෙන විට
ඔබ මට සොයාගත
නොහැකි තරමට
දුර ගිහින්....

මහා දායකයා...

මහා ලොකුවට
ලෝකයට පේන්න 
සුදට ඇඳගෙන 
පන්සලට දහස් ගණනින්
සල්ලි දුන්නට
ඒ පින්වතාට
හදපු තාත්තා
වදපු අම්මා 
අමතක වෙනවා නම් 
ඌ බුරුවෙක්.....

Sunday, September 15, 2013

ජීවිතය....

විටක පුදුමාකාර
විටකදී වන විකාර
ලෝකය තුල ඒකාකාර
වේය විවිධාකාර.

Thursday, June 13, 2013

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්......



වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ

කඳුළක් වෙලා දුක් වූ කෙනෙක්
පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟු‍ලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ